Skip to main content

හරිත සංකල්පයෙන් බල ගැන්වුනු ඉසිපතනය ප්ලාස්ටික් අවම කරයි

Deshan Wattegama
03/03/2020 526

“Green Machine” ලෙස විරුදාවලිය ලත් කොළඹ ඉසිපතන විද්‍යාලයීය රග්බි කණ්ඩායම 2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට පිවිසෙන්නේ හරිත සංකල්පයක් සමඟයි. දේශීය රග්බි පිටියේ කුසලාන රැසක් දිනා ගෙන ඇති ඔවුන් දේශීය රග්බි පිටියට ද අමරණීය ක්‍රීඩකයින් රැසක් බිහිකර තිබේ.  

පාසල් රග්බි මුල් පුටුව අලුත් වෙයි

ඉසිපතන රග්බි කණ්ඩායමේ මෙවර තරගවාරයට සැලසුම් සකස් කර තිබෙන්නේ කුසලානය කරා නෙත යොමන ගමන්ම පරිසරය ද සුරැකීමටය. ඒ අනුව ඔවුන් මෙවර තරගවාරයේ දී “Green Rugby” සංකල්පය යටතේ, තරගයක් සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රමාණය අවම කිරීම සඳහා සැලකිය යුතු වෙහෙසක් ගෙන ඇත. 

වයස අවුරුදු 10න් පහළ සිට පළමු පෙළ තරගය දක්වා පාසල් දෙකක් අතර එක් තරගයක් තුළදී ප්ලාස්ටික් වතුර බෝතල් 300ක් පමණ භාවිතයට ගැනේ. ලීග් තරග, පිළිමළුන් පිටුදැකීමේ තරග සහ පුහුණු තරග ඇතුළුව එක් පාසලක් වසරකට තරග 18ක් පමණ ක්‍රීඩා කරයි නම් පරිසරයට එක්වන ප්ලාස්ටික් ප්‍රමාණය නිසා සිදුවන හානිය ඉතා ඉහළය. 

“Green Rugby” සංකල්පය යටතේ ඉසිපතන කණ්ඩායම ලීටර 1 සහ ලීටර 1.5 බෝතල් වෙනුවට ලීටර් 19 වතුර ගැලුම් භාවිතා කරනු ඇත. මෙම ගැලුම් ක්‍රීඩකයින්ගේ බැංකුව අසල තබා තිබෙන අතර ඒවා භාරව පුද්ගලයින් දෙදෙනෙකු කටයුතු කරයි. ඔවුන්ගේ වගකීම වන්නේ එම ගැලුම් වලින් නැවත භාවිතා කළ හැකි ඝන ප්ලාස්ටික් බෝතල් 20කට පුරවා කණ්ඩායම වෙත රැගෙන යාමයි. තරගයට පසුව එම ගැලුම් නැවත පාසලට රැගෙන යන අතර පානීය ජලය සපයන නියෝජිතයින් එම ගැලුම් පුරවා මීළඟ තරගය සඳහා නැවත රැගෙන එනු ඇත. 

ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර “අබ්දුල් ජබ්බාර් පලිහ” සඳහා පැවති තරගයේ දී මෙම සංකල්පය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ අතර එය අතිසාර්ථක විය. 

ඉසිපතන රග්බි කමිටුව අපේක්ෂා කරන්නේ අනෙක් පාසල් ද ඔවුන්ව අනුගමනය කරනු ඇති බවයි. මෙහි ප්‍රධානතම අරමුණ නම් ප්ලාස්ටික් නිසා පරිසරයට ඇති වන දූෂණය පිළිබඳව ක්‍රීඩකයින්ට මෙන්ම අනෙක් අයගේ අවධානයත් යොමු කර වීමයි. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

Rugby
Layout Content
Single Image Layout

About

We are professional and reliable provider since we offer customers the most powerful and beautiful themes. Besides, we always catch the latest technology and adapt to follow world’s new trends to deliver the best themes to the market.